skip to main |
skip to sidebar
කෝටි 6ක රත්තරන් අල්ලයි.
නීති විරෝධීව ඉන්දියාවට පැටවීමට සූදානම් කර තිබූ රුපියල් කෝටි හයකට අධික වටිනාකමකින් යුත් රත්තරන් කිලෝ දොළහකට ආසන්න ප්‍රමාණයක් සමග සැකකරුවන් තිදෙනකු තලෙයිමන්නාරම පොලීසිය විසින් ඊයේ (19) අලුයම අත්අඩංගුවට ගන්නා ලදී. පොලීසියට මෙම රත්තරන් තොගය සොයාගෙන ඇත්තේ කේරළ ගංජා තොගයක් ඌරුමලේ වෙරළට රැගෙනවිත් ඇතැයි ලද තොරතුරකට අනුව පොලිස් කණ්ඩායමක් වෙරළ තීරයට ගොස් කළ පරීක්ෂාවකදීය. එහිදී වෙරළාසන්නයේ නවතා තිබූ ඩොල්පින් වර්ගයේ වෑන් රථයක් පරීක්ෂා කිරීමේදී රථය තුළ තිබූ ඇඳුම් බෑගයක රත්තරන් තොගය හමුවී ඇත.කුට්ටි පනස් හයකින් සමන්විත රත්තරං තොගයේ සම්පූර්ණ බර කිලෝ එකොළහයි ග්‍රෑම් අටසිය විස්සක් බව පොලීසිය කියයි. එහි වෙළෙඳ වටිනාකම රුපියල් කෝටි හයක් පමණ වන බවද පොලීසිය කියයි. රත්තරං තොගය සමග වෑන් රථයේ සිටි පුද්ගලයින් තුන්දෙනකු සැකපිට අත්අඩංගුවට ගෙන ඇත. වෑන් රථයේ තිබි ජංගම දුරකථන හයක්ද සොයාගෙන ඇත.අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනකු පුත්තලමේ පදිංචිකරුවන් වන අතර, එක් අයෙකු කොළඹ පදිංචිකරුවෙකි. මෙම රත්තරන් තලෙයිමන්නාරමට රැගෙන විත් ඇතැයිද එතැන් සිට මුහුදු මගින් ඉන්දියාවට රැගෙන යාමට සූදානම් කර තිබූ බවද මූලික පොලිස් පරීක්ෂණවලදී හෙළි වී ඇත. සැකකරුවන් තිදෙනා රඳවාගෙන ප්‍රශ්න කරනු ලබයි.
උතුරු පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති පූජිත ජයසුන්දර, වවුනියාව හා මන්නාරම නියෝජ්‍ය පොලිස්පති යූ.කේ. දිසානායක මහත්වරුන්ගේ උපදෙස් මත පොලිස් පරීක්ෂක ධම්මික මුදලිගේ, උප පොලිස් පරීක්ෂක ජයරූබන් ඇතුළු කණ්ඩායමක් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
No comments:
Post a Comment