Tuesday, August 19, 2014

රටකජු ඇටයක් හිරවී දෑඅවුරුදු බිළිඳා මරුට


අවුරුදු එකයි මාස දහයක් වයසැති පිරිමි දරුවකු රට කජු ඇටයක් හිරවීමෙන් මියගොස් ඇත. දරුවා ගම්පහ රෝහලට ඇතුළත් කරන විටත් මියගොස් සිටි බව රෝහල් ආරංචි මාර්ග පවසයි.මියගොස් ඇත්තේ උඩුගම්‍පොළ, දොරනගොඩ පිරිවෙන පාරේ පදිංචි මෙතුර බිමන්දිම නමැති දරුවෙකි.
14 දින රාත්‍රියේ මව සහ මෙතුරගේ අක්කා ටවුමට ගොස් එන විට ගෙනා රටකජු අක්කා දරුවා සමග බෙදාගෙන කෑ බව නිවැසියෝ පවසති.
මව බෑගය කාමරයේ තබා නැවත පුතු වඩා ගැනීමට ඔහු අසලට එන විට දරුවාට යමක් හිරවී ඇති බව දැනී ගම්පහ රෝහලට ගෙනැවිත් තිබේ. නමුත් ඒ වන විටත් දරුවා මියගොස් සිට ඇත. මරණ පරීක්ෂණය ගම්පහ අධිකරණ වෛද්‍ය නිලධාරී වෛද්‍ය එස්.පී.ඒ. හේවගේ මහතා විසින් සිදුකෙරුණි.

No comments:

Post a Comment