Wednesday, August 20, 2014
වැඩබලන විදුහල්පති නිධන් හාරද්දී දැලේ
ගල්කිරියාගම, මාරසිංහ හල්මිල්ලෑව ජන උදාන ගම්මානයේ පිහිටි සිය මාමණ්‌ඩියට අයත් පෞද්ගලික ඉඩමක නිධන් හාරමින් සිටි බව කියන ගල්කිරියාගම ප්‍රදේශයේ විදුහලක සේවයේ නියුතු වැඩබලන විදුහල්පතිවරයකු ගල්කිරියාගම පොලිසිය විසින් පෙරේදා (18 දා) රාත්‍රි සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.
ගල්කිරියාගම පොලිසියේ නිලධාරීන් විසින් එම ස්‌ථානය වටලන අවස්‌ථාව වන විටත් සැකකරු විසින් නිධන් සෙවීම සඳහා අඩි පහක් පමණ ගැඹුරින් සහ අඩි එකොළහක් පමණ විශ්කම්භයකින් යුත් වළක් කැණීම් කර තිබී ඇත.
මෙම වැටලීමේදී පොලිසිය විසින් උදලු, සවල්, ඇතුළු කැණීම් උපකරණ කීපයක්‌ද සිය භාරයට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් සැකකාර වැඩබලන විදුහල්පතිවරයා ඊයේ (19 දා) කැකිරාව මහෙස්‌ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබූ අතර මේ පිළිබඳව ගල්කිරියාගම පොලිසිය වැඩිදුර පරීක්‍ෂණ පවත්වයි.
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment