ප්‍රංශ ජාතික තරුණියකට බරපතල ලිංගික අතවරයක් සිදු කළ තරුණයෙකු අත්අඩංගුවට ගෙන අධීකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මේ මස 26 වන දින තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත්
අතිරේක දිසා විනිසුරු යුරේෂාද සිල්වා මෙනෙවිය නියෝග කළාය. ප්‍රංශ ජාතික තරුණ කාන්තාවකට ලිංගික අතවර සිදු කිරීමේ චෝදනා මත අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගත කෙරුනේ අංක 10, මිහිඳුපුර, අනුරාධපුර ලිපිනයේ පදිංචි මනෝරත්න ආරච්චිලාගේ රජිත සංජීව මනෝරත්න 30 යන අයයි.
පැමිණිලිකාර ප්‍රංශ ජාතික තරුණීය ඇගේ යෙහෙළිය සහ ප්‍රංශ ජාතික තරුණයෙකු සමග අනුරාධපුර මහජන ක්‍රීඩාංගනය ඉදිරිපිටින් ඔවුන් තාවලාකිකව නවාතැන් ගෙන සිටින ස්ථානයට 19 වනදා රාත්‍රී 10ට පමණ පා ගමනින් ගමන් කරද්දී යතුරු පැදියකින් අධික ලෙස බිමතින් පැමිණි සැකකරු යතුරු පැදිය නවතා එක් වරම ප්‍රංශ ජාතික කාන්තාව අසලට ගොස් ඇය ස්පර්ශ කර සිප වැළඳ ගෙන ඇති බව පොලීසිය අධිකරණයට දැන්වීය.
එම සිද්ධියත් සමග සැකකරු සහ ප්‍රංශ ජාතික තරුණයාත් තරුණියන් දෙදෙනාත් අතර විනාඩි කිහිපයක් ගුටිබැට හුවමාරුවක් සිදුවද්දී එය දුටු නගරවාසීන් මේ සම්බන්ධව අනුරාධපුර මූලස්ථාන පොලීසියට දුරකථයෙන් දන්වා තිබෙන බවත් වහාම ක්‍රියාත්මක වූ මෙහෙයුම් අංශයේ නිළධාරින් බීමතින් සිටි සැකකරුව අත්අඩංගුවට ගැනීමට එහි එද්දී ඔහු පලාගොස් සිටි බවද පොලීසිය අධිකරණයට දැන්වීය. එහෙත් සැකකරු පැමිණි යතුරු පැදිය පිටුපස හඹා ගිය පොලිස් නිළධාරීන් ඔහු අත්අඩංගුවට ගත් බවද අධිකරණයට දන්වා සිටියේය. සැකකරු සම්බන්ධයෙන් ප්‍රංශ ජාතිකයින් අනුරාධපුර සංචාරක පොලීසියට පැමිණිලි කර ඇති බවත් පසුව එම පැමිණිල්ල ළමා කාන්තා කාර්යංශය වෙත යොමු කෙරුණු බවද පොලීසිය තවදුරනටත් අධිකරණයට දන්වා සිටියේය.

No comments:
Post a Comment