මෙවර උසස් පෙළ ආර්ථික විද්‍යාව ප්‍රශ්න පත්‍රයේ දෝෂ නැතැයි පාරම්බාන අධ්‍යාපන ඇමැතිවරයාට තමා සමඟ ප්‍රසිද්ධ මාධ්‍යයකදී වාද කිරීමට එන්නැයි ලංකා ගුරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ මහතා අභියෝගයක් කරයි.
හඳ දෙසට ඇඟිල්ල දික් කරද්දි ඇඟිල්ල දෙස බලන බන්දුල ගුණවර්ධන මහතා තමා විසින්ම පත්කරගත් කමිටුවක් මඟින් ප්‍රශ්න පත්‍රයේ දෝෂ නැති බව ප්‍රකාශ කිරීම හොරාගේ අම්මාගෙන් පේන ඇසීමක් හා සමාන බව ජයසිංහ මහතා පෙන්වා දෙයි. ඒ මහතා මෙසේ පැවැසුවේ ලංකා ගුරු සේවා සංගමය කොළඹ නිපෝන් හෝටලයේ ඊයේ (21දා) පැවැත්වූ මාධ්‍ය හමුවකට එක්වෙමිනි.
ආර්ථික විද්‍යා ප්‍රශ්න පත්‍රය සඳහා සැකැසූ ලකුණු දීමේ පටිපාටියට එකඟ විය නොහැකි බව පසුගිය 9 වැනි දින විභාග දෙපාර්තමේන්තුවේ පැවැති සාකච්ඡාවකදී ආර්ථික විද්‍යා උත්තර බලන ආචාර්යවරුන් පවසා ඇති බවද කී ඒ මහතා අදාළ ප්‍රශ්න පත්‍රයේ ලකුණු 21ක් සම්බන්ධයෙන් ඇති වූ ගැටලුවේදී එම විෂයට මුහුණ දුන් 75,000ක් පමණ සිසුන්ට ඉටු කරන සාධාරණය කුමක්දැයි රටට පවසන ලෙස කියයි.
ඒ මහතා මෙසේද කීය.
'මාස 4ක් පුරාවට සකස් කරන උසස් පෙළ ප්‍රශ්න පත්‍රවල ඉස්පිල්ලක්වත් අඩුපාඩු තියෙන්න බෑ. වැරැදි අඩුපාඩු තියෙන ප්‍රශ්නපත්‍ර දීලා ඒ ගැන කතා කරන එක නැවැත්තුවා. ප්‍රශ්න පත්‍රවල අඩුපාඩු තියෙනවා කියලා ඔප්පු කරන්න පුළුවන් නම් ඇමැතිකමෙනුත් අයින් වෙනවා කියලා බන්දුල ගුනවර්ධන මහතා කිව්වා. අපි කියනවා එතුමාට ඇමැතිකමෙන් අයින් වෙන්න සූදානමින් එන්න කියලා.'
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment