Friday, August 22, 2014

කොළඹ පාවෙන වෙළෙඳ සංකීර්ණය අද ඇරේ


කොළඹ බැස්‌ටියන් මාවත බේරේ වැව මත ඉදිකළ පාවෙන වෙළෙඳ සංකීර්ණය අද (22 දා) ප.ව. 6.00 ට සෞඛ්‍ය ඇමැති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් විවෘත කෙරේ.

ආරක්‍ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ උපදෙස්‌ මත ක්‍රියාත්මක කොළඹ නගර අලංකරණ හා සංවර්ධන ව්‍යාපෘතිය යටතේ නාගරික සංවර්ධන අධිකාරිය විසින් යුද හමුදා ශ්‍රම දායකත්වයෙන් රුපියල් මිලියන 150 ක වියදමින් මෙම පාවෙන වෙළෙඳ සංකීර්ණය ඉදිකරනු ලැබීය.

වෙළෙඳ කුටි 92 කින් සමන්විත මෙහි සුපිරි අවන් හලක්‌ සහ කුටි 10 ක දේශීය ආයුර්වේද නිෂ්පාදන අලෙවි සැල් පිහිටුවා ඇති අතර ඉතිරි ඒවා ඒ අවට ප්‍රදේශයේ අනවසර හා අවිධිමත් ලෙස ව්‍යාපාරික ස්‌ථාන පවත්වාගෙන ගිය ව්‍යාපාරිකයන් වෙත ලබාදී ඇත.
 

No comments:

Post a Comment