පාකිස්තානයට එරෙහිව හෙට සූරියවැව ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන පළමු එක්දින තරගය සඳහා ලසිත් මාලිංගගේ සේවය ශ්‍රී ලංකා පිලට නොලැබෙන තත්ත්වයක් උදාවී ඇතැයි වාර්තා වේ.
පුහුණුවීම් අතරතුරදී පිටකොන්දේ ඇතිවූ ආබාධයක් මෙම තත්ත්වයට බලපා තිබෙන අතර, මේ සම්බන්ධයෙන් ක්‍රිකට් තේරීම් කමිටු සභාපති සනත් ජයසූරිය මහතා "මව්බිම"ට පැවැසුවේ ඔහු තරගයට සහභාගි කරගන්නවාද නැද්ද යන අවසන් තීරණය තරගය පැවැත්වෙන සෙනසුරාදා පෙරවරුවේදී ගන්නා බවය.
No comments:
Post a Comment