කොළඹ කොටුව ගුණසිංහපුර බස්නැවතුම අසල කහ ඉරේදී ගැබිනි
කාන්තාවක් ජීප් රථයට යටකර මරුමුවට පත් කර පලා ගිය සිද්ධියට වරද පිළිගත් කොළඹ පෞද්ගලික රෝහල් අධ්‍යක්ෂවරයාට එම කාන්තාවගේ සය මස් දරුවාට රු. ලක්ෂ 25ක වන්දියක් ගෙවන ලෙස නියෝග කළ කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් දුලානි එස්. වීරතුංග මහත්මිය ඔහුට මාස හයක බරපතළ වැඩසහිත සිරදඬුවම වසර පහකට අත්හිටුවීමට ඊයේ (21) නියෝග කළාය.

අත්හිටුවූ සිරදඬුවමට අමතරව රුපියල් 15,000ක දඩ මුදලක් නියම කළ මහෙස්ත්‍රාත්වරිය මරණකාරියගේ මාස හයක් වයසැති දරුවාට රුපියල් ලක්ෂ 25ක වන්දි මුදලක් ගෙවීමටද නියම කළාය.
පිටකොටුව පොලිසිය විසින් සිද්ධියට අදාළව චෝදනා හයක් යටතේ සැකකරුට එරෙහිව චෝදනා ගොනු කරනු ලැබූ අවස්ථාවේදී එම සිද්ධියට තමා වරදකරු බවට සැකකරු වරද පිළිගනු ලැබිමෙන් පසු මහෙස්ත්‍රාත්වරිය එලෙස දඬුවම් නියම කළාය.

මෙලෙස දඬුවම් නියම වූයේ නො. 198/7, ගැමුණු මාවත, කිරිබත්ගොඩ පදිංචි විදානගෙදර ලිලාන් සංජීව ප්‍රියරත්න නමැති චූදිතයාටය.
මාරක රිය අනතුරක් සිදුකර සාවද්‍ය නොවන මනුෂ්‍ය ඝාතනයක් සිදු කිරීම, නොසැලකිලිමත් ලෙස රිය පැදවීම, රිය අනතුරක් වළක්වා නොගැනීම, රිය අනතුරක් වාර්තා නොකර පලා යාම, තුවාලකරු රෝහලට රැගෙන නොයෑම සහ පදික මාරුවේ නොනවත්වා රිය ධාවනය යන චෝදනා හයක් යටතේ චූදිතට එරෙහිව පිටකොටුව පොලිසිය චෝදනා ගොනු කරනු ලැබ තිබිණි.

මෙම චූදිත ඉකුත් අප්‍රේල් මස 27 වැනිදා උදෑසන කොළඹ ගුණසිංහපුර බස් නැවතුම ආසන්නයේදී අධික වේගයෙන් ජීප් රථයකින් පැමිණ ගැබිනි කාන්තාවක යටකර අනතුරක් සිදුකර එය වාර්තා නොකර පලා ගොස් රටින්ද පැනගොස් සිටියදී ඉකුත් මැයි මස 09දා පොලිසිය වෙත පැමිණ භාරවී තිබිණි
.පසුව එදිනම පිටකොටුව පොලිසිය විසින් සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු දින 14ක් රක්ෂිත බන්ධනාගාරයේ තැබිමට අධිකරණයෙන් නියම විය.
මෙම චූදිත අනතුර සිදුකර සිංගප්පූරුව හරහා ඇමෙරිකා එක්සත් ජනපදයට පලා ගොස් ඇති බවත් ඔහුට එරෙහිව ජාත්‍යන්තර පොලිසිය හරහා රතු නිවේදන නිකුත් කිරීමට අධිකරණය මගින් කටයුතු සූදානම් කර තිබියදී සැකකරු මෙරටට පැමිණ භාර වූ බව පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කර තිබිණි.
මෙම මාරක රිය අනතුරින් මිය ගියේ මහනුවර පූජාපිටිය ප්‍රදේශයේ පදිංචිව සිටි මොහොමඩ් ෆාතිමා මොහොමඩ් මුෂාපා නමැති එක්දරු ගැබිනි කාන්තාවකි. ඇගේ සැමියා කළුතර පිහිටි දේවස්ථානයක පූජකවරයකු බව පොලිසිය සඳහන් කර තිබිණි.

අනතුර සිදුවූ දින අලුයම 4.00ට පමණ මරණකාරිය සිය සැමියා සමගින් නුවර බලා යාමට බස් රථයකට ගොඩවීමට බස් නැවතුම්‍පොළට යමින් සිටියදී මෙම මාරක රිය අනතුර සිදුව තිබිණි.
අදාළ ජීප් රථය පැදවූ චූදිත රාත්‍රී සමාජ ශාලාවකට ගොස් නැවත එමින් සිටියදී අධික වේගය නිසා අනතුර සිදුව ඇති බව පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කර තිබිණි.
පිටකොටුව පොලිසියේ රථවාහන අංශයේ ස්ථානාධිපති උ.පො.ප. ජානක වීරසිංහ, අධිකරණ අංශයේ පො.සැ. (33745) රත්නායක යන නිලධාරීහු අධිකරණයට කරුණු වාර්තා කළහ.

No comments:
Post a Comment