
ලකුණු අතරට පැමිණි චන්දිමාල් සංචිතයට
ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර ලබන 23දා ඇරඹෙන එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරග 2 සඳහා නම් කළ ශ්‍රී ලංකා සංචිතයට පිට දඟ පන්දු යවන්නෙකු වන සුරාජ් රන්දිව් කැඳවා තිබේ. පන්දු යැවීමේ ඉරියව්ව සැක සහිත බවට නම් කළ සචිත්‍ර සේනානායක තරග තහනමකට ලක්වී සිටින බැවින් එම ස්ථානය මෙසේ රන්දිව්ට හිමි වී තිබේ.
2011 ඕස්ට්‍රේලියාවට එරෙහි එක්දින තරගාවලියට ක්‍රීඩා කිරීමෙන් පසු කණ්ඩායමෙන් ඉවත් කළ සුරාජ් රන්දිව් යළිත් කැඳවා තිබිම විශේෂ සිදුවීමකි.
මේ අතර ටෙස්ට් කණ්ඩායමෙන් ඉවත් කළ දිනේෂ් චන්දිමාල් එක්දින තරගාවලියට කැඳවා තිබිම කැපී පෙනෙන සිදුවීමක් වෙයි.
ටෙස්ට් කණ්ඩායමෙන් ඉවත් කිරීමෙන් පසු එංගලන්තයේ පැවැති ‘ඒ’ කණ්ඩායම් තරගාවලියට සහභාගි වූ චන්දිමාල් එහිදී ශතක දෙකක් සහ එක් අර්ධ ශතකයක් වාර්තා කරමින් පිත්තෙන් සුපිරි දස්කම් දැක්වීමට සමත් විය. මේ අතර පසුගිය දකුණු අප්‍රිකානු එක්දින තරගාවලියේදී සංචිතයට නම් කර එක් තරගයකටවත් ක්‍රීඩා කිරීමට අවස්ථාව හිමි නොවූ තිසර පෙරේරාද මෙම තරගාවලිය සඳහා නම් කළ 16 දෙනකුගෙන් සමන්විත සංචිතයට ඇතුළත් කර තිබේ.
ශ්‍රී ලංකා පිලේ පිතිකරුවන් ලෙස ටී.එම්. ඩිල්ෂාන්, උපුල් තරංග, කුසල් ජනිත් පෙරේරා, මහේල ජයවර්ධන, කුමාර් සංගක්කාර, දිනේෂ් චන්දිමාල්, ඇන්ජලෝ මැතිව්ස්, ලහිරු තිරිමාන්න සහ අශාන් ප්‍රියන්ජන් නම්කර තිබේ. වේගපන්දු යවන්නන් ලෙස ලසිත් මාලිංග, නුවන් කුලසේකර, ධම්මික ප්‍රසාද් සහ තිසර පෙරේරා කණ්ඩායමට එක්කර තිබේ.
දඟ පන්දු යැවීමේ වගකීම රංගන හේරත්, සීක්කුගේ ප්‍රසන්න සහ සුරාජ් රන්දිව්ට පැවරී තිබේ. මේ අතර ශ්‍රී ලංකා එක්දින කණ්ඩායම නියෝජනය කළ කිත්රුවන් විතානගේ සංචිතයෙන් ඉවත් කර තිබිම කැපී පෙනෙන අතර, ඔහුට එරෙහිව විනය විරෝධී චෝදනා එල්ල වී ඇති බව පැවසේ.
ශ්‍රී ලංකා එක්දින සංචිතය
ඇන්ජලෝ මැතිව්ස් (නායක), තිලකරත්න ඩිල්ෂාන්, උපුල් තරංග, කුමාර් සංගක්කාර, මහේල ජයවර්ධන, දිනේෂ් චන්දිමාල්, අශාන් ප්‍රියන්ජන්, ලහිරු තිරිමාන්න, ලසිත් මාලිංග, නුවන් කුලසේකර, ධම්මික ප්‍රසාද්, රංගන හේරත්, සීක්කුගේ ප්‍රසන්න, සුරාජ් රන්දිව්, තිසර පෙරේරා
ඇන්ජලෝ මැතිව්ස් (නායක), තිලකරත්න ඩිල්ෂාන්, උපුල් තරංග, කුමාර් සංගක්කාර, මහේල ජයවර්ධන, දිනේෂ් චන්දිමාල්, අශාන් ප්‍රියන්ජන්, ලහිරු තිරිමාන්න, ලසිත් මාලිංග, නුවන් කුලසේකර, ධම්මික ප්‍රසාද්, රංගන හේරත්, සීක්කුගේ ප්‍රසන්න, සුරාජ් රන්දිව්, තිසර පෙරේරා
No comments:
Post a Comment