Thursday, August 21, 2014

නාවලපිටියෙන් අල්ලාගත් දිවි ධේනුවටත් දෙයින්ගේම පිහිටද?


පසුගිය දිනවල බොහෝ කතාබහකට ලක්වූ නාවලපිටිය ප්‍රදේශයේ සැරිසැරූ දිවි ධේනුව පසුගිය 9 වනදා සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව විසින් ඇටවූ උගුලට හසුව්ඇත. ගම්වාසීන් බියවද්දමින් සිට් මෙම දිවි ධේනුව අල්ලාගත් මහතුන්ට අපි මුලින්ම ස්තුති වන්ත වෙමු , මේ සියල්ල මෙසේ සිදුවෙද්දී බොරදියේ මාලු බාන අයද නැත්තේ නැත. මෙම සත්වයා නාවලපිටිය ප්‍රදේශයේ සැරිසරා මිනිසුන්ට තර්ජනයක් වීම, සදාකාලිකව සිරකිරීම‍ට වරදක්ද? එසේනනම් මෙවැනි සිදුවීම් සිදුවන වාරයක් පාසා සතුන් අල්ලා සත්වෞද්‍යානයේ කුඩුවට දමා සිරකර ප්‍රශ්නය විසඳිය හැකිද ?

කෙසේ වුවත් මේ වනවිට මෙම සත්වයා දෙහිවල සත්වෞද්‍යානයේ රඳවා තබා ඇත. මෙම දිවි ධේනුවගේ මුහුණ ප්‍රදේශයේ දැඩි ලෙස තුවාල සිදුවී ඇත, මෙම තුවාල සිදුවුයේ කෙසේද කියා අපි නොදනී, නමුත් මෙම දිවි ධේනුව මේ වනවිට රඳවා ඇති ආකාරය සතා සිව්පාවට ආදරය කරන කිසිවෙකුට තම හර්දසාක්ෂියට අනුව අනුමත කල නොහැක, මෙම දිවි ධේනුවට පැටවුන් සිටීමටද ඉඩ ඇත, එසේ සිටිනම් එම පැටවුන්ට කුමක් සිදුවවේද? මෙම සත්වයාට හිමි මේ මහපොළවේ කුඩුවක් පමණද ?

No comments:

Post a Comment