
එම ජාවාරම්කරු සතුව තිබී හසුවූ ජංගම දුරකතන සහ සිම්කාඩ්පත් පරීක්‍ෂා කිරීමේදී ඔහු සමඟ ළඟින් සිටි ව්‍යාපාර ගෙන යන කෝටිපති ව්‍යාපාරික පිරිස් හෙළිකර ගැනීමට හැකිවූ බව පරීක්‍ෂණ මෙහෙයවන උසස් පොලිස් නිලධාරියකු පැවැසීය.
එම කෝටිපති ව්‍යාපාරිකයන්ට සිය ව්‍යාපාර පණ ගැන්වීමට මත්කුඩු ජාවාරම්කරු ඉල්ලන සැණින් මුදල් ලබාදී ඇති බවටද තොරතුරු අනාවරණය වී තිබේ. ජාවාරම්කරු සමඟ හසුවූ අනෙක් සැකකරුවන් ව්‍යාපාරික වෙස් ගෙන සුඛෝපභෝගී මෝටර් රථවලින් කුඩු ප්‍රවාහන කළ අන්දම පිළිබඳවත් ඇතැම් අවස්ථාවලදී එම සුඛෝපභෝගී වාහන පරීක්‍ෂාවට ඇතැම් පොලිස් නිලධාරීන් බියක් දැක්වූ අන්දම ගැනද තොරතුරු හෙළිවෙමින් තිබෙන බවද එම නිලධාරියා පැවැසීය
No comments:
Post a Comment