Friday, August 22, 2014

ජාතික නායකයන් මතුවෙන්න ඇමෙරිකාව ඉඩ දෙන්නේ නෑ;

ලෝකයේ ඕනෑම රටක ජාතික නායකයෙක් බිහි වෙනකොට, ඒ ජාතික නායකත්වය විනාශ කරන එක අධිරාජ්‍යවාදීන්ගේ සිරිතක්. ඇමෙරිකානු එක්සත් ජනපදය දෙවැනි ලෝක යුද්දෙට පස්සේ අද වෙනකොට ලෝකේ ආණ්ඩු 51ක් පෙරළලා තියෙනවා. ඒගොල්ලන්ට අඩංගු නැති, කියන දේ අහන්නේ නැති, ඒ අදහස් උදහස්වලට එකඟ නැති කිසිකෙනෙකුට ආණ්ඩුවක් කරන්න දෙන්නේ නැහැ යැයි ඇමැති අනුර ප්‍රියදර්ශන යාපා මහතා අනුරාධපුරයේදී පැවැසීය.


අද ලෝකයේ ත්‍රස්තවාදය පවතින්නේ අධිරාජ්‍යවාදීන් ත්‍රස්තවාදීන්ට උදව් කරන නිසා. ඊළාම් ත්‍රස්තවාදය නිර්මාණය වන්නේ කොහොමද? පෝෂණය වන්නේ කොහොමද? අද ඊළාම්වාදය පෝෂණය වන ප්‍රධානම තැන යුරෝපය. අද මේ රටේ ත්‍රස්තවාදය නැති වුණත්, ඊළාම්වාදය පෝෂණය වන්නේ යුරෝපයේ ඉන්න ඊළාම්වාදී ද්‍රවිඩ ජනතාවගෙන්. ඒ නිසා මේ රටේ යුද්ධය අවසන් කරලා දිනුවට, අපිට තව යුද්ධයක් කරන්න තියෙනවා ඊළාම් අධිරාජ්‍යවාදීන් එක්ක. මේ රටේ යුද්දෙන් පස්සේ සමූල ඝාතනයක් සිදුවුණාය කියලා, ජාත්‍යන්තර මානව හිමිකම් සභාවට මේ අය යෝජනා කරලා තියෙනවා. ඒ ගැන පරීක්ෂණ පවත්වන්න සූදානම්ව ඉන්නවා.


අද ඊශ්‍රායලය, හමාස් ගරිල්ලා සංවිධානය, පලස්තීන ගාසා තීරයට බෝම්බ ගහනවා. මැරෙන්නේ අහිංසක දරුවො, කාන්තාවො සහ යුද්දෙට සම්බන්ධ නැති අය. අද ඒකට ලෝකේ කිසිම සංවිධානයක් කතා කරන්නේ නැහැ. එක්සත් ජාතීන්ගේ සංවිධානය නිහඬයි. මානව හිමිකම් කොමිෂන් සභාවේ නවනීදන් පිල්ලේ මහත්මිය නිහඬයි. යුරෝපා සංගමයේ යුරෝපා පාර්ලිමේන්තුව නිහඬයි. හැමෝම නිහඬයි. ඇයි? ඒ බලය පිළිබඳ තරගයේදී අධිරාජ්‍යවාදීන් ක්‍රියා කරන්නේ තමන්ට ගැති රටවල් ආරක්ෂා කරන්න. ජාතිකත්වය ආරක්ෂා කරලා ගෞරවය ආරක්ෂා කරන නායකයෝ අයින් කරන උපාය මාර්ගයක් තමයි කරන්නේ.


ලෝක අධිරාජ්‍යවාදය ක්‍රියාත්මක වන්නේ රටේ යහපත වෙනුවෙන් නොවේ. මේ අය අලුත් වචන දෙක තුනක් ගැන කතා කරනවා. එකක් ප්‍රජාතන්ත්‍රවාදය, අනෙක මානව නිදහස. තවත් යහපාලනය, මේ වචන අරන් ලෝකේ රටවල් ගණනාවක් කඩා සුනු විසුනු කර දැමීමට කටයුතු කළා යනුවෙන් පැවසිය.


No comments:

Post a Comment