Friday, August 22, 2014

කසළ තේ ජාවාරමුන්ට දේශපාලන සහය ලැබෙන බව ‍පොලීසිය කියයි


තේ සඳහා ප්‍රසිද්ධ වෙළෙඳ නාමයන්ට හානි කරමින් එම නම්වලින් කසළ තේ රට පටවන ජාවාරම්කරුවන්ට දේශපාලන රැකවරණය ලැබෙන බව කසළ තේ ජාවාරම් ගැන පරීක්ෂණ පවත්වන ‍පොලිස් කණ්ඩායම් අනාවරණය කරගෙන තිබේ. ගම්‍පොල, කුරුණෑගල සහ මහනුවර යන ප්‍රදේශවල ප්‍රාදේශීය දේශපාලනඥයන් රැසක් ජාවාරම්කරුවන් සමග අත්වැල් බැඳගෙන සිටින බවත් ඒ හැර ජාතික තලයේ දේශපාලනඥයන්  දෙතුන් දෙනකුද එයට සම්බන්ධ  බවත් විමර්ශන නිලධාරීහු පවසති.
මිනිස් පරිභෝජනයට කිසිසේත් නුසුදුසු කසළ තේ මේ ආකාරයෙන් ප්‍රසිද්ධ නාමයන් යටතේ රට පටවන්නේ හොඳ තේ සමග කලවම් කරමිනි. එම තේ පිටරට පටවනු පිණිස තේ මණ්ඩලයේ මෙන්ම රේගුවේද දූෂිත නිලධාරීන් කිහිප දෙනෙකුගෙන්ද සහය ලැබෙන බව පෙනී ගොස් ඇතැයි එම නිලධාරීහු වැඩිදුරටත් සඳහන් කළහ.
එසේ රට පටවන්නට සූදානම් කර ගබඩා කර තිබුණු කසළ තේ කිලෝ ලක්ෂ පහකට ආසන්න ප්‍රමාණයක් පසුගිය කාලයේ අත්අඩංගුවට ගන්නා ලදී.

No comments:

Post a Comment