මේ වනවිට ශ්‍රී ලංකාවට ඉහළ වායු ගෝලයේ හටගෙන ඇති කැළඹිලි ස්‌වභාවය
අද (23 වැනිදා) සවස වන විට අඩුවනු ඇතැයි අපේක්‌ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ කාර්යේ නියුතු කාලගුණ විද්‍යාඥ පී.ඩී. ආනන්ද මහතා "දිවයින"ට පැවැසීය.
ඊයේ 22 දිනයේ උදේ 8.30 අවසන්වූ පැය විසි හතරක කාලය තුළ දිවයිනට ලැබුණු වැඩිම වර්ෂාපතනය මීගමුව ප්‍රදේශයෙන් වාර්තා වී ඇති අතර එය මිලි මීටර් 138 කි.
අඩුම වාර්ෂාපතනය වාර්තා වී ඇත්තේ රත්නපුරෙන් වන අතරය එය මිලි මීටර් 47.9 කි. කටුනායක, කුකුලේගඟ, නෑබඩ සහ ගාල්ල යන ප්‍රදේශවලට පිළිවෙළින් මිලි මීටර් 136, 107, 117 සහ මිලී මීටර් 81 ක වර්ෂාපතනයක් ලැබී තිබේ.
No comments:
Post a Comment