Friday, August 22, 2014

මාලිම්බඩ ප්‍රා.සභා මන්ත්‍රී හකූඩු වෙයි..


මාලිම්බඩ ප්‍රාදේශීය සභා මන්ත්‍රී වසන්ත මුණසිංහ සහ තවත් පුද්ගලයින් තිදෙනෙක් ලබන තුන්වනදා (3) දක්වා මාතර මහේස්ත්‍රාත් අධිකරණය මගින් අද රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

අකුරැස්ස ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුට සහ ඔහුගේ බිරිඳට පහර දීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අකුරැස්ස පොලිසිය මගින් අත් අඩංගුවට ගෙන අද මාතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අධිකරණය මෙම නියෝගය ලබා දී ඇත.

පසුගිය 19 වනදා මෙම පහර දිම සිදුවී ඇති බව පොලිස් මාධ්‍ය ඒකකය සඳහන් කළේය.

No comments:

Post a Comment