Friday, August 22, 2014

'අයිස් බකට් චැලේන්ජ්' නිර්මාතෘ දියේ ගිලෙයි


‘අයිස් බකට් චැලේන්ජ්’ වැඩසටහනේ නිර්මාතෘ වන ‘කොරේ ගි‍්‍රෆින්’ මැන්චෙස්ටර් හි නන්ටකට් මුහුදේ ගිලීමෙන් මරණයට පත් වී තිබේ. 27 හැවිරිදි වියේ පසුවන ගි‍්‍රෆින් පසුගිය සෙනසුරාදා උස ස්ථානයක සිට වතුරට පැනීමේ දී මුහුදේ ගිලී ගොස් ඇත.
අයිස් වතුර බඳුන් තුනකින් නෑමට එකිනෙකාට අභියෝග කරන අභියෝගාත්මක වැඩසටහන ‘අයිස් බකට් චැලේන්ජ්’ නමින් හැඳින්වේ. ගි‍්‍රෆින් මෙම වැඩසටහන නිර්මාණය කළේ නියුරෝන ආබාධයකින් පෙළෙන සිය මිතුරෙකු වන පෙටේ ෆ‍්‍රාට්ස් හට ආධාර ලබා දීම සඳහා ය. 2012 වසරේ දී ආරම්භ කළ මෙම වැඩසටහන දැන් ලොව පුරා ජනපි‍්‍රය වී ඇති අතර ලොව පුරා වෙසෙන නියුරෝන ආබාධිත රෝගීන්ට ආධාර සැපයීමට මෙමඟින් උපකාර කෙරේ.
ලෝකයේ බලවත් සේම ජනපි‍්‍රය පුද්ගලයන් මෙම වැඩසටහනට සම්බන්ධ වේ. අභියෝගය බාර ගන්නා පුද්ගලයෙකු පැය 24ක් ඇතුළත අයිස් වතුර බඳුන් තුනකින් නෑම කළ යුතුය. තමා අභියෝගය බාර ගන්නා බව පවසන අයෙකු තාම අයිස් වතුරෙන් නාන අයුරු වීඩියෝගත කිර එ්වා ප‍්‍රදර්ශනය කිරීම ද කළ යුතු වේ. අනතුරුව ඔහුට හෝ ඇයට අයිස් වතුරෙන් නෑමට තවත් පුද්ගලයෙකු නම් කළ හැකිය.
අයිස් වතුරෙන් නෑමේ අභියෝග බාර ගන්නා අයෙකු ඩොලර් 10කින් නියුරෝන ආබාධයන්ගෙන් පෙළෙන පුද්ගලයන්ට ආධාර සැපයීමේ වැඩසටහනට ආධාර කළ යුතු අතර නම් කරන ලද අභියෝගය බාර නොගන්නා අයෙක් ඩොලර් 100කින් ආධාර කළ යුතු වේ.

No comments:

Post a Comment